කැබැල්ලෑවා (Indian Pangolin)

කැබැල්ලෑවා (Indian Pangolin) [EN]



Order Pholidota
Family Manidea
Scientific Name Manis crassicaudata

ඉන්දියාව, ශ්‍රී ලංකාව, භූතානය ආදී රටවල තැනි තලාවන්ගේත් කඳු ආශ්‍රිතවත් මෙම වි‍ශේෂය දැකගත හැක. අනික් Pangolin විශේෂ මෙන් සුලභ නොවේ. ශරීර වර්ණය පොළොවට සමාන දුඹුරු පැහැයක් ගනී. බඩ සහ පාද වල ඇතුලු පැත්ත හැර ඉතිරිය සම්පූර්ණයෙන්ම වසාගත් ඝන ශරීර ආවරණයක් පිහිටා ඇති අතර එය ව්‍යාග්‍රයන් වැනි විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට ආරක්ෂක ආවරණයක් සේ ක්‍රියා කරයි.

මෙම විශේෂය ඉතා ලැජ්ජාශීලී, හෙමින් ගමන් කරන ක්ෂීරපායී විශේෂයකි. ශරීරයේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 85ත් 122ත් අතර වේ. කිලෝ 10-15ක් පමණ බරකින් යුක්ත වේ. ගැහැණු සත්වයා පිරිමි සත්වයාට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ. උල් හැඩැති හිසක් ඇති කැබැල්ලෑවා ට කුඩා අඳුරු ඇස් දෙකක් පිහිටයි. දත් පිහිටා නොමැති අතර කෘමීන් සහ කුහුඹුවන් පහසුවෙන් අල්ලාගැනීමට දිගු දිවක් පිහිටයි. 

ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සහ තැනිතලා මධ්‍යම කඳුකරය අතරද කැබැල්ලෑවා වාර්ථා වී ඇත. කුරුමිණියන්, කැරපොත්තන්, කුහුඹුවන් ආදී කෘමීන් ආහාරයට ගනී. දින 65-70ත් අතර ගැබ් කාලයකින් පසුව ගැහැණු සත්වයා විසින් එක් පැටවකු බිහි කරයි. (දෙදෙනකු බිහි කළ අවස්ථා ද වාර්ථා වී ඇත) අලුත බිහිවූ පැටවා ග්‍රෑම් 235-400ක් පමණ වන අතර දිගින් සෙන්ටිමීටර 30ක් පමණ වේ.

ශ්‍රී ලංකා නියදිගු මා-හික් මීයා (Pearson's Long-clawed Shrew)

ශ්‍රී ලංකා නියදිගු මා-හික් මීයා (Pearson's Long-clawed Shrew) [EN]




Order Soricomorpha
Family Soricidea 
Scientific Name Solisorex pearsoni

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආ‍වේණික වූ විශේෂයක් වන මෙම විශේෂය ශරීරය දිගින් සෙන්ටිමීටර 12-13ත් අතර වේ. වලිගය සෙන්ටිමීටර 6-7ත් අතර වේ. ශරීරය තද අළු දුඹුරු පැහැයක් ගන්නා මෙම විශේෂයේ වලිගය තද දුඹුරු පැහැයක් ගන්නා අතර අග කොටස ලා පැහැති වේ. වියලි වනාන්තර ආශ්‍රිතවත් පහත රට තණ බිම් ආශ්‍රිතවත් මොවුන් දැක ගත හැක.  

ශ්‍රී ලංකා කුණුහික්-මීයා (Sri Lanka Long-tailed Shrew)

ශ්‍රී ලංකා කුණුහික්-මීයා (Sri Lanka Long-tailed Shrew) [EN]




Order Soricomorpha
Family Soricidea
Scientific Name Crocidura miya

දුර්ලභ විශේෂයක් වන මෙම විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික වේ. මධ්‍යයම සහ සබරගමුව පළාත් වලින් වාර්ථා වී ඇත. ශරීර ප්‍රමාණය දිගින් සෙන්ටිමීටර 7-8.5ත් අතර වේ. දිගු වලිගය සෙන්ටිමීටර 9-10ක් පමණ වේ. ශරීරය අලු සහ දුඹුරු පැහැයක් ගනී.  නිශාචරව හැසිරේ. 

හීන් කොස්-ඇට වවුලා (Least Pipistrelle)

හීන් කොස්-ඇට වවුලා (Least Pipistrelle / Pigmy Pipistrelle) [LC]



Oder Chiroptera
Family Vespertillionidea
Scientific Name Pipistrellus tenuis 

ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුලු ආසියානු රටවල් වල හමුවී ඇති මෙම විශේෂය දිගින් සෙන්ටිමීටර 6-7 පමණ වේ. පියාපත් දිගහැරි විට දිග සෙන්ටිමීටර 18-24 පමණ වේ. ශරීර බර ග්‍රෑම් 6-8 අතර වේ. ගැහැණු සතුන් පිරිමියාට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල වේ. භාහිර කන් උල් සහ දිගටි ස්වරුපයක් ගන්නා අතර ශරීර වර්ණය තද දුඹුරු පැහැයේ සිට කළු දක්වා වේ. ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්තව ඇති මෙම සත්වයා කෘමි භක්ෂකයෙක් වේ. සවස් කාලයේ බොහෝ විට මොවුන් දඩයම් කරනු නිරීක්ෂණය කළ හැක. 


කන්දිග බොරු ලේ වවුලා (Lesser False Vampire Bat)

කන්දිග බොරු ලේ වවුලා (Lesser False Vampire Bat) [VU]












Oder Chiroptera
Family Megadermatidea
Scientific Name Megaderma spasma 

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය ආදී රටවල හමුවන මෙම විශේෂය ගල් ගුහා ආශ්‍රිතව සහ ගස් බෙණ වල මෙන්ම විශේෂයෙන් අතහැර දමන ලද ගොඩනැගිලි වල දිවා කාලයේ වාසය කරයි. දිගින් සෙන්ටිමීටර 10ක් පමණ වන මොවුන් පියාපත් දිගහැරි විට සෙන්ටිමීටර 30ක් පමණ වේ. ශරීරය අලු දුඹුරු පැහැයේ සිට නිල් දුඹුරු පැහැය දක්වා වේ. වලිගයක් පිහිටා නැත. නාස් පත්‍රයක් (Nose leaf) පිහිටා ඇත. විශාල භාහිර කන් දිගු සහ ඕවලාකාර හැඩයක් ගනී. දක්ෂ දඩයක්කරුවන් වන මොවුන් කෘමි සතුන් සහ කුඩා ලේනුන් මීයන් ආහාරයට ගනී. මොවුන් සම්පූර්ණයෙන් මාංශ භක්ෂක වේ. මිනිසුන්ට අහිතකර කෘමීන්ද ආහාරයට ගන්නා මොවුන් මිනිසුන්ට හානිකර රෝග වාහකයන් ලෙසද ක්‍රියා කරයි. 

බොරු ලේ වවුලා (Greater False Vampire Bat)

බොරු ලේ වවුලා (Greater False Vampire Bat / Indian False Vampire Bat) [VU]

















Oder Chiroptera 
Family Megadermatidea
Scientific Name Megaderma lyra

දකුණු ආසියාවේ රටවල් කිහිපයකම දැකිය හැකි මෙම විශේෂය දිගින් සෙන්ටිමීටර 6.5ත් 9.5ත් අතර වේ. විශාල භාහිර කන් සහිත අතර ඒවා සෘජු ඕවලාකාර හැඩයක් ගනී. වලිගයක් නොමැත. ශරීර වර්ණය අලු පැහැයට හුරු කළු දුඹුරු පැහැයක් ගනී. සෙන්ටිමීටර 1ක් පමණ වූ නාස් පත්‍රය (Nose leaf) නාසයට ඉහලින් දිගටිව සෘජුව පිහිටා ඇත. 

දක්ෂ දඩයක්කරුවන් වන මොවුන් ලේනුන්, මීයන්, විශාල කෘමීන්, කුඩා පක්ෂීන් ආදී තමන්ගේ ශරීරයට සාපේක්ෂව විශාල සතුන් පවා දඩයම් කරයි. දඩයම් කිරීම සඳහා අධි සංඛ්‍යාත තරංග බාවිතා කරයි. බොහෝ විට තනි තනිව හෝ යුගල් වශයෙන් වාසය කරයි. මාස 5ක පමණ ගැබ් කාලයෙන් පසුව ගැහැණු සත්වයා විසින් පැටවකු හෝ දෙදනකු බිහි කරයි. මාස 2ක් 3ක් පමණ කාලයක් පැටවා රැකබලාගන්නා අතර කුඩා කල ගැහැණු සතා පැටවුන් රැගෙන ගමන් කරයි. 

විසිතුරු කිරිවවුලා / විසිතුරු කෙහෙල් වවුලා (Painted Bat)


විසිතුරු කිරිවවුලා / විසිතුරු කෙහෙල් වවුලා (Painted Bat) [NT]















Oder Chiroptera
Scientific Name Kerivoula picta 
Family Vespertilionidae

මෙම විශේෂය ශ්‍රී ලංකාවේ ජීවත් වන වවුල් විශේෂ අතරින් වර්ණවත්ම විශේෂය වේ. ශරීර වර්ණය කළු සහ තැඹිලි පැහැයට හුරු දීප්තිමත් කහ පැහයක් ගනී. ශරීරය කහ පැහැ වන අතර කළු වර්ණයෙන් යුත් පිහාටු වල ඇඟිලි පුරුක් හා ඊට සමාන්තර තීරුවක් කහ පැහැයෙන් යුක්ත වේ.

ශරීරයේ ප්‍රමාණයත් වලිගයේ ප්‍රමාණයත් සමාන වේ. ශරීරය දිගින් සෙන්ටිමීටර 8ත් 9ත් අතර වේ. පියාපත් දිගහැරුණු විට දිග සෙන්ටිමීටර 18ත් 30ත් අතර වේ. ශරීර බර ග්‍රෑම් 5ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ ඇඹිලිපිටිය, මොණරාගල, උඩවලව, වැනි ප්‍රදේශ වල කෙසෙල් වගාවන් ආශ්‍රීතව ද ඇතැම් විට බස්නාහිර පලාතේ කෙසෙල් වගාවන් ආශ්‍රිතව ද වාර්ථා වී ඇත. මුල් කාලයේ ලංකාවට ආවේණික විශේෂයක් ලෙස සැලකුවත් පසුව ඉන්දියාව, චීනය, බෲනෛ, ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය, වියට්නාමය ඇතුළු රටවලින් ද වාර්ථා වී ඇත.

වැඩුණු පිරිමි සත්වයා ගැහැණු සත්වයාට සාපේක්ෂව දීප්තිමත් වර්ණයකින් යුක්ත වේ. ප්‍රජනන සමයන් ගැන කිසිවක් තවමත් වාර්ථා වී නොමැති නමුත් කුඩා පවුල් වශයෙන් දැකගත හැක. එය මව පියා සහ පැටවකු ලෙස වේ. කෘමි සතුන් ආහාරයට ගන්නා අතර ඒ සඳහා අධි සංඛ්‍යාත තරංග යොදාගනී. පැය 1ක් 2ක් පමණ දඩයමෙහි යෙදෙයි.