විසිතුරු කිරිවවුලා / විසිතුරු කෙහෙල් වවුලා (Painted Bat)


විසිතුරු කිරිවවුලා / විසිතුරු කෙහෙල් වවුලා (Painted Bat) [NT]















Oder Chiroptera
Scientific Name Kerivoula picta 
Family Vespertilionidae

මෙම විශේෂය ශ්‍රී ලංකාවේ ජීවත් වන වවුල් විශේෂ අතරින් වර්ණවත්ම විශේෂය වේ. ශරීර වර්ණය කළු සහ තැඹිලි පැහැයට හුරු දීප්තිමත් කහ පැහයක් ගනී. ශරීරය කහ පැහැ වන අතර කළු වර්ණයෙන් යුත් පිහාටු වල ඇඟිලි පුරුක් හා ඊට සමාන්තර තීරුවක් කහ පැහැයෙන් යුක්ත වේ.

ශරීරයේ ප්‍රමාණයත් වලිගයේ ප්‍රමාණයත් සමාන වේ. ශරීරය දිගින් සෙන්ටිමීටර 8ත් 9ත් අතර වේ. පියාපත් දිගහැරුණු විට දිග සෙන්ටිමීටර 18ත් 30ත් අතර වේ. ශරීර බර ග්‍රෑම් 5ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ ඇඹිලිපිටිය, මොණරාගල, උඩවලව, වැනි ප්‍රදේශ වල කෙසෙල් වගාවන් ආශ්‍රීතව ද ඇතැම් විට බස්නාහිර පලාතේ කෙසෙල් වගාවන් ආශ්‍රිතව ද වාර්ථා වී ඇත. මුල් කාලයේ ලංකාවට ආවේණික විශේෂයක් ලෙස සැලකුවත් පසුව ඉන්දියාව, චීනය, බෲනෛ, ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය, වියට්නාමය ඇතුළු රටවලින් ද වාර්ථා වී ඇත.

වැඩුණු පිරිමි සත්වයා ගැහැණු සත්වයාට සාපේක්ෂව දීප්තිමත් වර්ණයකින් යුක්ත වේ. ප්‍රජනන සමයන් ගැන කිසිවක් තවමත් වාර්ථා වී නොමැති නමුත් කුඩා පවුල් වශයෙන් දැකගත හැක. එය මව පියා සහ පැටවකු ලෙස වේ. කෘමි සතුන් ආහාරයට ගන්නා අතර ඒ සඳහා අධි සංඛ්‍යාත තරංග යොදාගනී. පැය 1ක් 2ක් පමණ දඩයමෙහි යෙදෙයි.



No comments:

Post a Comment