බොරු ලේ වවුලා (Greater False Vampire Bat / Indian False Vampire Bat) [VU]
Oder Chiroptera
Family Megadermatidea
Scientific Name Megaderma lyra
දකුණු ආසියාවේ රටවල් කිහිපයකම දැකිය හැකි මෙම විශේෂය දිගින් සෙන්ටිමීටර 6.5ත් 9.5ත් අතර වේ. විශාල භාහිර කන් සහිත අතර ඒවා සෘජු ඕවලාකාර හැඩයක් ගනී. වලිගයක් නොමැත. ශරීර වර්ණය අලු පැහැයට හුරු කළු දුඹුරු පැහැයක් ගනී. සෙන්ටිමීටර 1ක් පමණ වූ නාස් පත්‍රය (Nose leaf) නාසයට ඉහලින් දිගටිව සෘජුව පිහිටා ඇත.

දක්ෂ දඩයක්කරුවන් වන මොවුන් ලේනුන්, මීයන්, විශාල කෘමීන්, කුඩා පක්ෂීන් ආදී තමන්ගේ ශරීරයට සාපේක්ෂව විශාල සතුන් පවා දඩයම් කරයි. දඩයම් කිරීම සඳහා අධි සංඛ්‍යාත තරංග බාවිතා කරයි. බොහෝ විට තනි තනිව හෝ යුගල් වශයෙන් වාසය කරයි. මාස 5ක පමණ ගැබ් කාලයෙන් පසුව ගැහැණු සත්වයා විසින් පැටවකු හෝ දෙදනකු බිහි කරයි. මාස 2ක් 3ක් පමණ කාලයක් පැටවා රැකබලාගන්නා අතර කුඩා කල ගැහැණු සතා පැටවුන් රැගෙන ගමන් කරයි.
No comments:
Post a Comment