කැබැල්ලෑවා (Indian Pangolin) [EN]
ඉන්දියාව, ශ්‍රී ලංකාව, භූතානය ආදී රටවල තැනි තලාවන්ගේත් කඳු ආශ්‍රිතවත් මෙම විශේෂය දැකගත හැක. අනික් Pangolin විශේෂ මෙන් සුලභ නොවේ. ශරීර වර්ණය පොළොවට සමාන දුඹුරු පැහැයක් ගනී. බඩ සහ පාද වල ඇතුලු පැත්ත හැර ඉතිරිය සම්පූර්ණයෙන්ම වසාගත් ඝන ශරීර ආවරණයක් පිහිටා ඇති අතර එය ව්යාග්රයන් වැනි විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට ආරක්ෂක ආවරණයක් සේ ක්‍රියා කරයි.
මෙම විශේෂය ඉතා ලැජ්ජාශීලී, හෙමින් ගමන් කරන ක්ෂීරපායී විශේෂයකි. ශරීරයේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 85ත් 122ත් අතර වේ. කිලෝ 10-15ක් පමණ බරකින් යුක්ත වේ. ගැහැණු සත්වයා පිරිමි සත්වයාට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ. උල් හැඩැති හිසක් ඇති කැබැල්ලෑවා ට කුඩා අඳුරු ඇස් දෙකක් පිහිටයි. දත් පිහිටා නොමැති අතර කෘමීන් සහ කුහුඹුවන් පහසුවෙන් අල්ලාගැනීමට දිගු දිවක් පිහිටයි.
ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සහ තැනිතලා මධ්‍යම කඳුකරය අතරද කැබැල්ලෑවා වාර්ථා වී ඇත. කුරුමිණියන්, කැරපොත්තන්, කුහුඹුවන් ආදී කෘමීන් ආහාරයට ගනී. දින 65-70ත් අතර ගැබ් කාලයකින් පසුව ගැහැණු සත්වයා විසින් එක් පැටවකු බිහි කරයි. (දෙදෙනකු බිහි කළ අවස්ථා ද වාර්ථා වී ඇත) අලුත බිහිවූ පැටවා ග්‍රෑම් 235-400ක් පමණ වන අතර දිගින් සෙන්ටිමීටර 30ක් පමණ වේ.
Order Pholidota
Family Manidea
Scientific Name Manis crassicaudata